ව්‍යාකරණ , අකුරු වින්‍යාස හා විරාම ලක්ෂණ සැකසුම
ජාතියක් සතු භාෂාවක ආරම්භය කවදා කෙසේ සිදු වුණි දැයි නිශ්චිත ව ප්‍රකාශ කිරීම සුකර නොවේ. සිංහලයේ මුල් පදනම සොයන බොහෝ පඩිවරු විජය රජුගේ ජන්ම භූමිය සොයමින් සිංහල භාෂාව විජය රජුට ම සමභන්ධ කිරීමට උත්සහ ගත්හ. විජය රජුගේ ලංකාගමනය මෙරට සංස්කෘතියේ වැදගත් එක් සිදුවීමක් පමණක් මුත් එය සිංහල භාෂාවේ ආරම්භයට බලපෑ මූලිකවම හේතුව නොවේ. බොහෝ උගතුන්ගේ පිළිගැනීම නම් සිංහල භාෂාවේ ආරම්භය තත් කාල පරිච්චේදයෙන් ඔබ්බට දිව යන්නක් බවයි. සෙනරත් පරණවිතාන මහතාට අනුව සිංහල භාෂාව ඉන්දු - ආර්ය ගණයේ භාෂාවක් ලෙස හඳුන්වා ඇත. කෙසේ මුත් කිනම් වකවානුවක සිට අක්ෂර භාවිත කර තිබේද යන්න තවමත් ගැටලු සහගත තත්ත්වයකි. මේ නිසා 19 වන සියවසේ පටන් යුරෝපීය මෙන්ම දේශීය උගතුන් සිංහලයේ සම්භවය පිළිබඳව විමර්ශනය කොට ඇත. වාග්විද්‍යාවේ එන විද්‍යාත්මක ක්‍රම උපයුක්ත කර ගනිමින් එකී පර්යේෂණ සිදු කර ඇත. සිංහල භාෂාවේ සම්භවය විමසන විද්වතුන් අතර මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන් ඓතිහාසික කරුණු ඇසුරින් පවතින මතිමතාන්තර හා නිරීක්ෂණ අනුව සිංහලය ඉන්දු ආර්ය ගණයට අයත් භාෂාවක් යන්නත් අනාර්ය හෙවත් එම ගණයෙන් අන්‍යතර භාෂාවක් ලෙසත් දෙවගකට බෙදිය හැකි බව පෙන්වා දෙයි. මේ පිළිබඳව ගැඹුරින් කරුණු විමසන හෙතෙම පවසන්නේ, 19 වන සියවසේ ද්විතීය භාගයේ ඇතිවූ සංවාදයන්ට අනුව, සිංහලය ඉන්දු ආර්ය ගණයට අයත්ය යන මතය විද්වතුන් විශාල සංඛ්‍යාවක ගේ නිසඟ මතය වව දක්වනු ලබනු ඇත. ලාංකිකයන් අතර බල පෑ භාෂා අතර පළමු භාෂාව ලෙස ඉතිහාස ගතව ඇත්තේ සංස්කෘත භාෂාව වන අතර ආගමික පක්ෂයෙන් ප්‍රබල තැනක් හිමිකර ගත්තේ, පාලි භාෂාවයි. එහෙත් දේශපාලනය වෛද්‍ය ශාස්ත්‍රය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය චිත්‍ර ශිල්පය ගෘහ නිර්මාණ ශිල්පය සාහිත්‍ය කලා හා කාව්‍යාදී විවිධ විෂයයන් සම්බන්ධයෙන් සංස්කෘතයෙහි බලපෑම අද්විතීය එකක් වෙයි. මේ තත්ත්වය ගැඹුරින් විමසන පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද හිමියන් පෙන්වා දෙන්නේ භාරතය හා ලංකාව අතර සම්බන්ධය යම් තරමකට පැරණි ද සිංහලය හා සිංහලයා කෙරෙහි සංස්කෘතිය පෑ බලය ද එතරමට ම පැරණි වන බවය.
ලෝකයේ ජීවත්වන සමස්ත ජීව ප්‍රජාවෙන් මිනිසා සුවිශේෂ වීමට බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ භාෂාවයි. එය කවදා කෙසේ ඇති වූවක් ද යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැක. අදහස් සන්නිවේදනය සඳහා මිනිසාට උපකාර වන ප්‍රධනතම මෙවලම භාෂාවයි. මානව භාෂාව සතු සුවිශේෂතාවය වන්නේ එය නිර්මාණාත්මක වීමයි. සිතට දැනෙන ඕනෑම හැඟීමක් වචන මගින් ප්‍රකාශ කිරීමේ ශක්තිය මිනිසා සතුය. එසේ ජනිත වන සිතුවිලි ලියා දක්වීම සඳහා අක්ෂර යොදා ගැනෙයි. මෙහි දැක්වෙන නූතන සිංහල වර්ණ මාලාව 1990 වසරේදී මහාචාර්ය ජේ.බී.දිසානායකයන් විසින් මුලින්ම පල කරන ලදී.මෙහි ස්වර අක්ෂර 18ක් ව්යාංජනාක්ෂර 42 ඇතුළුව අක්ෂර 60ක් ඇතුළත් වේ.